දැල්පන්දු ශූරියෝ අවසන් තරගයට තේරී පත්වෙයි

සිංගප්පූරුවේ පැවැති දොළොස් වන ආසියානු දැල්පන්දු ශූරතාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ දී අපරාජිතව අවසාන මහා තරගය දක්වා පැමිණ ඇත.

සිංගප්පූරුව සමග අද (11) පැවති අවසාන මහා තරඟයේදී ලකුණු 63-53 ලෙස සිංගප්පූරුව පරදා ශ්‍රී ලංකාව ජය ගැනිීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය.

ආසියානු තරඟාවලිය අතරතුර දී ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම දැක්වූ දක්ෂතාවයන් හේතුවෙන් දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්වල පැවැත්වීමට නියමිත 2023 දැල්පන්දු ලෝක කුසලාන තරගාවලි සඳහා නිතරගයෙන් තේරී පත්විය.

ආසියාවේ අංක 01 වෙමින්, ශ්‍රී ලංකාව ඉහළින්ම ඔසවා තැබීමට උර දුන් ජාතික දැල්පන්දු ශූරියන්ට උණුසුම් සුබ පැතුම් එක් කරන අතර, 2023 දී පැවැත්වීමට නියමිත දැල්පන්දු ලෝක කුසලාන තරඟාවලියේ පළමු ස්ථානයට පත්වීමට සුබ පැතුම් පතන බව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ක්‍රිඩා ඇමති රොෂාන් රණසිංහ මහතා සදහන් කොට සිටියේය.

Leave a Reply

Your email address will not be published.