විෂයන් ගලවා අලුත් වෙන කැබිනට්ටුවක්

නුදුරේදීම සිදු වීමට නියමිත කැබිනට් සංශෝධනයක් ගැන මේවන විට දේශපාලන කරළිය තුළ කතාබහක් ඇති වී තිබේ.  වාර්තාවන අන්දමට මෙම කැබිනට් සංශෝධනයේදී දැනට සිටින ප්‍රබල ඇමැතිවරුන් ගණනාවකගේම විෂයන් ගැලවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කොට සිටි.

ඒ් අනුව එක් අමාත්‍යංශයකට වඩා දරන ඇමැතිවරුන්ගෙන් අනෙක් අමාත්‍යංශ ඉවත් කිරීමටද තීන්දු කර ඇති බව කියවේ.

වරාය, ක්‍රීඩා, කර්මාන්ත ඇමැති ධුර අනිවාර්යයෙන්ම වෙනස් වන අතර රමේෂ් පතිරණ, රොෂාන් රණසිංහ, බන්දුල ගුණවර්ධන, නිමල් සිරිපාලද සිල්වා, කෙහෙලිය රඹුක්වැල්ල වැනි අමාත්‍යංශ ගණනාවක් හොබවන ඇමැතිවරුන්ගේ විෂයන් අඩු කිරීම මේ අනුව සිදු වීමට නියමිත බව ද වාර්තා වේ.

කෙසේ වෙතත් මේ සියල්ල සිදු වන්නේ දැනට අර්බුදයට ගොස් ඇති කැබිනට් මණ්ඩලය සම්පූර්ණයෙන්ම දිවුරුම් දීමෙන් අනතුරුවය

 

Leave a Reply

Your email address will not be published.